Approved final

වාර්ෂික වර්ෂාපතනය සාපේක්ෂ වශයෙන් ඉහළ අගයක් ගන්නා කඳුකර සහ අධික බෑවුම් සහිත භූමි ප්‍රදේශයන්හි එළවළු වගා කරන ඉඩම්වල පාංශු ඛාදනය පාලනය කිරීම ඉතා වැදගත් වේ. වෙළඳපල අවස්ථා හිඟකම, තාක්ෂණික හා මූල්‍ය ආධාර හිඟකම සහ අතරමැදි කලාපයේ ජල හිඟය මෙම ප්‍රදේශවල ගොවීන් අත්විඳින ප්‍රධාන දුෂ්කරතා වන අතර මෙම ගැටළු, ගොවින් නව තිරසාර භූමි කලමනාකරණ තාක්ෂණයන්ට අනුගත නොවීමට ඍජුව හෝ වක්‍රව හේතු වී ඇත. තවද, මෙම කලාපවල කෘෂිරසායන ද්‍රව්‍ය අධික ලෙස සහ අනිසි ලෙස භාවිත කිරීම ගොවීන් අතර බහුලව දක්නට ලැබේ.ඉහත සඳහන් ගැටළු මගහරවාගෙන තිරසාර භුමි කලමනාකරණය පවත්වාගෙන යාමට පෞද්ගලික සහ රාජ්‍ය අංශවල මැදිහත් වීම සාර්ථක ලෙස යොදා ගත් අවස්ථාවක් මෙම ලිපියෙන් දැක් වේ.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) හා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ හායනයට ලක් වූ කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය (Rehabilitation of Degraded Agricultural Lands Project, RDALP) මගින් මෙම වැඩසටහන ආරම්භ කර ක්‍රියාත්මක කරන ලදී. ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පුද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල් හිමියන්ගෙන් සහ අපනයනකරුවන්ගෙන් යෝජනා කැඳවා Cargills (Ceylon) PLC පෞද්ගලික ආයතනය මගින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුමත කර ඇත.

Approved final

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ කාන්තාවන් වැනිලා වගාව තුළින් තිරසාර ඉඩම් කළමනාකරණයක් සිදු කරන අතර එමගින් ඔවුන්ගේ පවුල් සඳහා අමතර ආදායමක් උපයා ගනී.ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ගෙවතු වල සාමාන්‍ය භූමි ප්‍රමාණය අක්කර 0.25 - 0.5 පමණ වන අතර මෙම භූමි වල පළතුරු සහ කුළුබඩු ශාක අහඹු ලෙස පැතිර පවතී. දෛනික මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මතුපිට පස හායනය වී ඇත. ඉහළ ඉඩම්වලින් ගලා බසින ජලය නිසා මෙන්ම නිවෙස්වල වහලයේ වැසි ජලය සෑම දිශාවකටම ගලා යාම නිසා ගෙවතුවල අධික පාංශු ඛාදනයක් සිදු වේ.

ගෙවතු යනු සංරක්ෂණය සම්බන්ධයෙන් අඩුවෙන්ම අවධානය යොමුවී ඇති ඉඩම් කට්ටි වේ.

වැනිලා යනු, තිරසාර ඉඩම් කළමනාකරණ ආකෘතියට සුදුසු පාරිසරික තත්ත්වයන් පවතින ප්‍රදේශවල කාන්තාවන් සඳහා ආර්ථිකමය වශයෙන් ආකර්ශනීය අවස්ථාවකි. දෛනික මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෙවතුවල සිදුවන පාංශු ඛාදනය අවම කිරීම සහ ඉහළ ආර්ථික ප්‍රතිලාභ සහිත මුදල් බෝගයක් හඳුන්වාදීම මෙම ප්‍රවේශයේ අරමුණු වේ. පොදුවේ ගත් කල, මෙය ප්‍රජාව අතර තිරසාර ඉඩම් කළමනාකරණය පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට උපයෝගී විය.

රටෙහි දැනට පවතින වනාන්තර ගහනය සංරක්ෂණය කරමින්, වන ආවරණය 2% කින් පුළුල් කිරීමට නියමිත වන නමුත් බොහෝ සම්පත් හීන ගොවීන් තම ජීවනෝපාය සඳහා වනාන්තර එළිපෙහෙළි කරමින් බෝග වගාවේ යෙදී සිටී. ගොවි ජනතාවගේ අවශ්‍යතා තිරසාර ලෙස සපුරාලන ආකාරය මත වන සංරක්ෂණයේ ප්‍රායෝගිකත්වය රඳා පවති. බෝග වගාව ප්‍රවර්ධනය කිරීම, ගැමි ජනතාවට ස්ථිර ආදායම් මාර්ගයක් සලසන අතර, වනාන්තර ආරක්ෂා කිරීමට මෙන්ම එය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහාත් ඇති හොඳම විසඳුම වනු ඇත. එහිදී රබර් වගාව, ගොවි ජනතාවගේ  ජීවන මට්ටම මෙන්ම ශාක වැස්මද ඉහළ නංවන අතරම, ස්වභාවික රබර් අවශ්‍යතාව සපුරාලීමෙන් රටට ප්‍රතිලාභ ලබා දේ. අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල රබර් ගොවීන් මසකට රුපියල් 30,000/- ක පමණ ස්ථිර  ආදායමක් උපයන බවට වාර්තා වී ඇත. ඉහත දිස්ත්‍රික්ක දෙකට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේද රබර් වගාව සාර්ථක වී ඇත. 

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රදේශය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන එළවළු වගා කරන ප්‍රදේශයක් වන අතර එහි බහුතර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. කෙසේ වෙතත්, භූගෝලීය සාධක සහ තිරසාර නොවන කෘෂිකාර්මික පිළිවෙත් නිසා ප්‍රදේශයේ පාංශු ඛාදනය  බරපතල ගැටළුවක් වී ඇති අතර එම නිසා කෘෂිකර්මාන්තය මඟින් ලැබෙන ප්‍රතිලාභද අඩු වී ඇත.