කෘෂිකර්මයට වින කරන මන්දපෝෂණයට අතවනන බිඟුන්ගේ වඳ වීම

 
ලෝක බිඟු දිනය 2019

ගෝලීය වශයෙන් සිදුවන බිඟු ගහනය අඩුවීම මානව යහ පැවැත්මටත්, ජීවනෝපායන්ටත් තීරණාත්මක විශාල පරාසයක පැතිරුණ  ශාක විශාල සංඛ්‍යාවකට තර්ජනයක්ව පවතින බැවින් සාගින්නට සහ මන්දපෝෂණයට එරෙහිව සටන්කරන අපගේ ප‍්‍රධාන මිත‍්‍ර පාර්ශවය වන බිඟුන් ආරක්ෂාකර ගැනීමට ලෝකයේ රටවල් නොපමාව පියවර ගතයුතු බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙවර මැයි මස 20 බිඟු දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

වෙළෙඳපොළ පදනම කරගත් තිරසාර කෘෂිකර්මාන්තයේ GAP (යහපත් කෘෂිකාර්මික පිළිවෙත්) ප්‍රවේශය එහි සාර්ථකත්වයත් සමග තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. එක්සත්ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය මගින් GAP ප්‍රවේශය නව ගොවි කණ්ඩායම් වෙත ගෙනයාම සඳහා ගොවි පුහුණු පාසැල් පැවැත්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන් 13 දෙනෙකු පුහුණු කරන ලදී.
මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පඹදෙණිය ග්‍රාමය තිරසාර භූමි කළමනාකරණය තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබූ ගොවීන් රැසක් සිටින ආදර්ශ ගම්මානයක් ලෙස හැඳින්විය හැකිය.
දැඩි ලෙස හායනයට ලක් වූ භූමියක් සහිත පඹදෙණිය   ගම්මානයෙහි කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය සඳහා වැඩසටහන් රැසක් දියත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය විසින් කටයුතු කරන ලදී. ඒ 2018 වසරේදී ය. හායනයට පත් කුඩා තේ ඉඩම් සහ ගෙවතු මෙහිදී ප්‍රධාන වශයෙන් ව්‍යාපෘතියේ අවධානයට යොමු විය.
 
ශ්‍රියානි ගුණසේකර ව්‍යාපෘතියේක්‍රියාකාරී  ප්‍රතිලාභියෙකි.ඇය ව්‍යාපෘතියට සම්බන්ධවී එහිදී ලැබුණු පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් වලදී ලැබුණු උපදෙස් අනුව තම ගෙවත්ත සංවර්ධනය කරන ලදී. ඇයට පර්චස් 15 ක් පමණ කුඩා ඉඩමක් ඇති අතර ඇය එහි පවුලේ පරිභෝජනයට අවශ්‍ය එළවලු, පලතුරු සහ වෙනත් භෝග වගාකරයි. ඇය කුඩා වැනිලා වගාවක් ද  සාර්ථකව කරගෙන යයි.
“ගෙවතු වගාවෙන් නිවසේ පරිභෝජනයට අවශ්‍ය එළවලු හා පලතුරු ලැබෙනවා. ඒක පවුලේ ආර්ථිකයට ලොකු ශක්තියක්. මම වැනිලා වගාව ගැන කිසිවක් දැනසිටියේ නෑ.ව්‍යාපෘතියට සම්බන්ධවූ පසුව ඒ පිලිබඳ අපිට හොඳ පුහුණුවක් ලැබුන. දැන් මම වනිලා වගාව පිලිබඳ හොඳින් දන්නවා. වගාවෙන් තවමත් ආදයමක ලැබුනේ නැතත් ඉදිරියේ දී හොඳ ආදායමක් ලැබෙන බව  විශ්වාසයි”, ඇය පවසයි. 
ශ්‍රියානි තම ගෙවත්තේ තිරසාර භූමි කළමනාකරණ තාක්ෂනයන්,විශේෂයෙන්ම පාන්ශු සංරක්ෂණ ක්‍රම යොදාගෙන ඇත. වියළි කොළ, ලී කුඩු, පිදුරු වැනි දෑ වසුන් ලෙස වගාවට යොදාගෙන ඇත. ශ්‍රියානි ඇතුළු පඹදෙනියේ අනෙකුත් වැනිලා වගාකරුවන් ද නියඟයෙන් තම වගාව ආරක්ෂාකර  ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගනී. ජල හිඟය ඔවුන් මුහුණදෙන බරපතල ගැටලුවකි. තිරසාර භූමි කළමනාකරණ ක්‍රම යොදාගැනීම නිසා තම ගෙවත්තේ පැලැටි වෙනදාට වඩා හොඳින් නියඟයට ඔරොත්තු දෙන බව ඇය පවසයි. 
නිල්ළඹේ ජලාශය මහනුවර නගරයට පානීය ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රයකි. මෙහි ජලපෝෂක ප්‍රදේශ අයත් දොළුව සහ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ කෘෂිකාර්මික ඉඩම්වලින් සිදුවන ජල දූෂණය වැළැක්වීමට ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ගෙවතු සහ කුඩා තේ ඉඩම් වලට තිරසාර භූමි කළමනාකරණ ක්‍රම හඳුන්වාදෙන ලදී.

ලෝක ජල දිනය මාර්තු 22 දිනට යෙදී තිබේ. මෙවර ජල දිනයේ තේමාව “ජලයේ වටිනාකම අගයමු” යන්නයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් සෑම වසරකම ලෝක ජල දිනය සමරණු ලබන්නේ , ගෝලීය ජල ගැටලුව පිළිබඳ දැනුම්වත් කිරීමේ සහ 06 වන තිරසාර සංවර්ධන ඉලක්කය වන -2030 වනවිට සැමට ජලය සහ සනීපාරක්ෂාව යන්න සපුරා ගැනීමේ අරමුණෙනි .
ජල සම්පත සුරැකීමත් විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය නිසා සිදුවන ජලදූෂණය වැළැක්වීමත් සඳහා , එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාථාපනය කිරීමේ ව්‍යාපෘතිය , වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ , හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය , ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ මහනුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ. ව්‍යාපෘතිය කෘෂිකාර්මික ඉඩම් ආශ්‍රිතව සිදුවන ජල දූෂණය ඇතුළු සියලු ආකාරයේ භූමි හායනයන් වැළැක්වීමටත් ජල භාවිතයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් වැඩසටහන් රැසක් ක්‍රියාවට නඟයි. එසේම පරිසර අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන සමග එක්ව ඒ සඳහා කටයුතු කරයි.