ලෝක ජල දිනය මාර්තු 22 දිනට යෙදී තිබේ. මෙවර ජල දිනයේ තේමාව “ජලයේ වටිනාකම අගයමු” යන්නයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් සෑම වසරකම ලෝක ජල දිනය සමරණු ලබන්නේ , ගෝලීය ජල ගැටලුව පිළිබඳ දැනුම්වත් කිරීමේ සහ 06 වන තිරසාර සංවර්ධන ඉලක්කය වන -2030 වනවිට සැමට ජලය සහ සනීපාරක්ෂාව යන්න සපුරා ගැනීමේ අරමුණෙනි .
ජල සම්පත සුරැකීමත් විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය නිසා සිදුවන ජලදූෂණය වැළැක්වීමත් සඳහා , එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාථාපනය කිරීමේ ව්‍යාපෘතිය , වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ , හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය , ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ මහනුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වේ. ව්‍යාපෘතිය කෘෂිකාර්මික ඉඩම් ආශ්‍රිතව සිදුවන ජල දූෂණය ඇතුළු සියලු ආකාරයේ භූමි හායනයන් වැළැක්වීමටත් ජල භාවිතයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් වැඩසටහන් රැසක් ක්‍රියාවට නඟයි. එසේම පරිසර අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන සමග එක්ව ඒ සඳහා කටයුතු කරයි.